හමුදාව මියන්මාරයේ පාලනය කුමන්ත්‍රණයක් මගින් ලබාගත් දිනයේ සිට මියන්මාරයේ ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත විය.
අවුන්සාන් සුචි තවමත් නිවාස අඩස්සියේ පසුවන බව වැඩි දුරටත් විදෙස් මාධ්‍ය පවසයි. පැය 24 කට වැඩි කාලයක් රැදවුම් භාරයේ තබා ගැනීමට එරෙහිව පැවති නීතිද තහනම් කිරීමට හමුදා පාලනය කටයුතු කර ඇත.
කෙසේවෙතත් රාත්‍රී කාලයේ දී හමුදා පාලනය සිදුකරන අත්අඩංගුවට ගැනීම් වලට විරෝධය පෑම සඳහා මියන්මාරයේ ජනතාව සාමුහිකව විරෝධය දිගටම පවතින බව විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශ සඳහන් කරන ආකාරයට හමුදා කුමන්ත්‍රණය සිදුවූ අවස්ථාවේ සිට මේ වනවිට දේශපාලන ක්‍රියාකාරියක් 350 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත.