මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඇතුළු තවත් මත්ද්‍රවය වලට සැකකරන ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අජීම් නැමැත්තෙකු සහ තවත් සැකකරුවන් 5 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 20ක්, අත්බෝම්බයක් සමඟ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම වත්තල ප්‍රදේශයේදී ද 38 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 150 සහ මත්ද්‍රව්‍යවලින් උපයා ගත් රුපියල් 950,000ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල ප්‍රදේශයේදී බඩෝවිට අසංක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද අත්අඩංගුවටගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.