පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තෝ කව්රුන්ද

දෙදහස්දහනවය වසරේ අප්‍රේල් මස 21 වැනි  පාස්කු ඉරුදින  එල්ලවු ඒ කුරිරු  ප්‍රහාරය පිළිබඳව වසර එකහමාරක් පමණ  කාලයක් තුළ දින දෙසිය දාහතරක කාලයක්  රැස්වු පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරික්ෂන කොමිසමේ සියලු සාක්ෂි විමසීම අවසන්ව  එහි වාර්තාවද ජනාධිපතිතුමා වෙත  බාර දී අවසන්ය.

කොමිසමේ පොලිස් විමර්ශන අංශයෙන් මෙම ප්‍රහාරයට අදාළව පුද්ගලයින් එක්දහස් පන්සිය හැත්තෑපස්දෙනෙකුන් පමණ ප්‍රකාශද සටහන් කර ගත්තේය.

කතෝලික පල්ලි තුනක් හොටල් තුනක් එල්ලකරගෙන සිදුවු මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වු අහිසංක මිනිස් ජිවිත සංඛ්‍යාව තුන්සියයකට ආසන්නය. මරණයට පත්වුවන් අතර විදේශිකයින් හතලිස්දෙනෙකු සහ දරුවන් හතලිස්පස් දෙනකු පමණ සිටියේය. ප්‍රහාරයෙන්  තුවාල ලැබුවන් හාරසියයක් පමණය.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයට වසර දෙකක් සම්පුර්ණ  විමට ඇත්තේ තවත් මාස දෙකයි දින  විස්සක පමණ කාලයකි. ඒ වන විටවත් මෙම ප්‍රහාරයට ලක්ව මියගිය සහ තුවාල ලැබු සියලු දෙනාට යම් තරමක හෝ සාධාරණයක් ඉුටු විය යුතුය.මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකිරිමට ජාතික තවිහිද් ජමාත් සංවිධානයේ සහරාන් හසිම් ඇතුළු පිරිස පළමුවෙන් ම සුදානම් වුයේ දෙදහස් දහනවය වසරේ අප්‍රේල් මස දහසය වැනි දින කාත්තන්කුඩියේ  යතුරු පැදියක් පුපුරුවා හරිමිනි.

ඉන් සිව්දිනකට  පසු පාස්කු ඉරුදින  ඔවුන් කතෝලික පල්ලි තුනක් හෝටල් පල්ලි තුනක් ඉලක්ක කරගෙන මෙම මහා ප්‍රහාරය එල්ල කළේය.එදිනම පස්වරුවේ දෙමටගොඩ නිවාස සංකිර්ණයක සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේද සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බෝම්බ පුපුරුවා ගත්තේය.මෙම  සියල්ල සිදුවන තෙක් මෙරට ආරක්ෂක අංශ සිදු කළේ කුමක්ද යන්න  තවමත්  ගැටළුවකි.

2019 වසරේ අප්‍රේල් මස විසිඑක්වැනි දින පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරිමට පළමුවෙන්ම පත් කළේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකි.මෙහිදිද දිර්ඝ වශයෙන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට වගකිව යුතු පුද්ගලයින්ගෙන් කරුණු විමසනු ලැබිය. එහි අවසන් වාර්තාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරපත් කර තිබුණි.

එහිදි ආරක්ෂක සහ බුද්ධි අංශවල අත්‍යවශය ප්‍රතිසංස්කරණයක් සිදුකරිම ,ශක්තිමත් මුල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක ස්ථාපිත කිරිම ,ආගමික අන්තවාදය නැගිම හා පානය කිරිමේ සහ අධික්ෂණය කිරිමේ අවශ්‍යතාවය, අධිකරණ ප්‍රමාදය සම්බන්ධයෙන් සහ නිතිපතිදෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණයන් කිරිම ,වහබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විම, මාධ්‍ය වාර්තාකරණය සහ ව්‍යාජපුවත් සහ අවධානටය යොමුකළ යුතු අනෙකුත් කේෂ්ත්‍ර, දේශපාලඥයින් සහ ජනතා නියෝජිතයින් ජනතාවට වගවිමට සැලැස්විම ,වර්ධනය වන අන්තවාදය මැඩලිම පිණිස අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරිමේ අවශ්‍යතාවය පිළිබදව නිර්දේශ ද ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වුවද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 2019 වර්ෂයේ සැප්තම්බර් මාසයේ ජනාධිපති විමර්ශන  කොමිසමක් පත් කළේද  මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් කව්රුන්ද යන්න නිශ්චිතවම සොයා බැලිමටය.

මෙම පත්කළ කොමිසම හමුවටද එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහගේ  සිට දේශපාලඥයින් ආරක්ෂක අංශවල ඉහළ පෙලේ නිලධාරින් බුද්ධිඅංශ නිලධාරින් පුජ්‍ය පක්ෂය මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ද පැමිණ සාක්ෂි ලබාදුන්නේය.

කොමිසම හමුවේ රටේ වගකිව යුතු ඇතැම් පුද්ගලයින් දුන් එම සාක්ෂි තුළ තිබුණේද ඇඟ බේරාගැනීම් පමණක්ද යැයි විටෙක සිතෙයි.

කෙසේ වුවද මේවන  විටත් පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තවාදින් අධිකරණයක් ඉදිරියේ වරදකරුවෙකු ලෙස නම් කිරීමටත අන්තවාදයට  සම්බන්ධ සියළු සංවිධාන මේ රටින් සහමුලින්ම තුරන් කිරිමටවත් මෙරට වගකිවයුත්තන්ට හැකියාව ලැබි  නොමැත.

පාස්කු ප්‍රහාරය යනුකිසිදු වරදක් නොකළ අසරණ මිනිසුන් සියගණනක් අමු අමුවේ සමුලඝාතනය කිරීමක්ය. මෙම සමුල ඝාතනයේ  සෘජු මිනිමරුවන් සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදි ත්‍රස්තවාදි කණ්ඩායම වුවද,සාපරාධි වගකීම් පැහැර හැරීම තුළින් මිනිමැරුමකට අනුබලදුන් තැනැත්තන්ද මෙකි මිනිමැරුමේ කොටස්කරුවන් වන්නේය.

එසේම රටේ  ජාතික ආරක්ෂාව තම රාජකාරිය වන සියලු පුද්ගලයින්ද මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් නොවන්නේද .පාස්කු ඉරුදි එල්ලවු මෙම  ප්‍රහාරය සම්බන්ධයෙන්පත්කළ  ජනාධිපති කොමිසම පුළුල් පරාසයක් තුළ සිය පරික්ෂණ මෙහෙයවු  නමුත්අවධානය යොමු විය යුතුම ඇතැම් පැතිකඩ කොමිසමට මගහැරුනේද, යන්න සැකසහිතය.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පාස්කු ප්‍රහාරය යනු කිසියම් පාර්ශවයක් සිදුකළ  කුමන්ත්‍රණයක් යැයි සැකමතු කලහ.එසේම අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක  ශානි අබේසේකරද අවසන් සාක්ෂිකරු ලෙස කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ  මෙම ප්‍රහාරයමෙහෙය වුයේ අදෘශ්‍යමාන හස්තයක් බවය.

එමෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ස්ථිර ලෙස කියා සිටියේ අප්‍රේල් 21 ප්‍රහාරයට අයි.එස් සංවිධානය සම්බන්ධ බවක් විමර්ශන වලදි අනාවරණය නොවු අතර වෙනත් අදෘශ්‍යමාන හස්තයක් ප්‍රහාරය පිටුපස සිටියේයැයි තමන් විශ්වාස කරන බවයඒ සම්බන්ධයෙන් ඔවුන් සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු නොකළද, විධිමත් තර්ක ඉදිරිපත් කිරීම කලහ.

එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ මෙම ප්‍රහාරයේ වගකීම කිසිවිටෙකත් තමා භාරනොගන්නා බවය.

එමෙන්ම ජාතික ආරක්ෂාව ඉදිරියට දමමින් ජනාධිපති කොමිසම බොහෝ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මාධ්‍ය ඔස්සේ ජනතාවට  හෙළි  නොවන ලෙස ලබාගන්නට  කොමිසම කටයුතු කළේය. ඒ අතර බුද්ධි අංශ නිලධාරින්  සහරාන් හෂීම්ගේ බිරිද වන අබ්දුල් කාදර් හාදියා මෙන්ම ත්‍රස්තවාදින් සමග සමීප සම්බන්ධතා පැවැත්වු සැලකිය යුතු පිරිසක් සිටියේය.

කෙසේවුවද පාස්කු ප්‍රහාරයට අදාළව මෙරට සිටින සැකකරුවන් තිදෙනෙකුට  එරෙහිව ඇමෙරිකාවේඅධිකරණයක අධි චෝදනා ගොනු කිරිමට  එක්සත් ජනපද නිතිපති දෙපාර්තම්න්තුව පසුගිය දිනෙක කටයුතු කළේය.

ඔවුන් මෙම විත්තිකරුවන්හදුන්වනු ලැබුවේ  ශ්‍රී ලංකාවේ අයි එස් අයිඑස් යනුවෙන් හදුන්වාගන්නා කොටසක් ලෙසය.

අමෙරිකානු ජාතිකයින් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 268 කුට මරු කැඳවු එම ප්‍රහාරය මෙම විත්තිකරුවන් වගකිව යතු බවට  ඔවුන් සෘජුවම චෝදනා කළේය.

මෙම විත්තිකරුවන් සහ ඔවුන්ට සම්බන්ධ තැනැත්තන් මෙම අපරාධයට වගවන බවට සහතික කරගැනිමට ශ්‍රි ලංකාව දරන වෑයමට අමෙරිකාව සහය දෙන බවද මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටියේය.අමෙරිකාව එලෙස එරට අධිකරණයක නඩු පැවරුවද ඊට සමගාමිව එවැනි තත්ත්වයක් ආවරණය කිරිමට මෙරට නෛතික ප්‍රතිපාදන ප්‍රමාණවත්ද යන්න ගැටළුවකි.

ශ්‍රි ලංකාවේ සිදුවු පාස්කු ප්‍රහාරයට අදාළව ඇමරිකාව මෙරට සැකකරුවන්ට එරට අධිකරණයක අධිචෝදනා ගොනු කළද එවැනි තත්ත්වයක් ආවරණය කිරිමට හා එලෙස නඩු පැවරීමට මෙරට නෛතික ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත් උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවෙන් නඩු පවරා ඇති පුද්ගලයෙකු රටට ගෙන ඒමට හැකියාවක් පැවතියද විමර්ශනයක් සඳහා විදේශය ක සිටින සැකකරුවෙකු මෙරටට ගෙන ඒමට මෙරට නෛතික ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්   පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරික්ෂණ කොමිසමේ සාක්ෂි විමසීමට සහාය ලබාදුන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ අයේෂා ජිනසේන කොමිසමේ  සාක්ෂි මෙහෙයවිමේ කටයුතු නිලවශයෙන් අවසන් කරමින් ප්‍රකාශ කළාය. එසේනම් වර්තමාන නීතිය තුළද  යම් යම්  අඩුපාඩු පවතින බව අකමැත්තෙන් වුවද පිළිගැනිමට සිදු වන්නේය.

පළමු වරට කොමිසමේ කටයුතු ආරම්භයේදිම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවු නිතිපති දොපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අහිංසක සිවිල් ජන ජීවිත ඉලක්ක කරගෙන දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් දරුවන්ට දෙමාපියන්, දෙමාපියන්ට දරුවන් පවුලේ ඥාතීන් අහිමි වූවාක් මෙන්ම සංචාරකයන් බොහෝ දෙනකුට සිය ජීවිත අහිමි වූ බවය. මෙවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ කෙසේ ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බවත්එසේම මෙවැනි ප්‍රහාර ගැන වගකීම පැහැර හරිමින් එය එක් පුද්ගලයෙක්ගේ ගිණුමට බැර කළ නොහැකි බවත්ය.

එසේම මෙම ප්‍රහාරයන් කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද එයට සක්‍රියව දායක වුණේ කවුරුන්ද, මීට පෙර මෙවැනි යම් අත්හදා බැලීම් සිදුව ඇත්ද යන්න පිළිබඳ කොමිසමෙන් විමසා බැලිය යුතු බව ද නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි මෙහෙයවිමට සහාය ලබා දෙමින් ප්‍රකාශ කළේය.

එසේනම් මෙකී සියළු කරුණු ජනාධිපතිවරයා අතට පත්කරන අවසන් වාර්තාවේ අන්තර්ගත විය යුතුය. එසේම ඉන් අනතුරුව ඇරඹෙන නඩු ගොනු කිරීමේ පියවර කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ අනුවම අපක්ෂපාතිව සිදු කළ යුතු වන්නේය.

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් වන්නේ සහරාන් හෂිම් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ එම අත්තවාදි කණ්ඩායමට සෘජුවම අනුබල දුන් කණ්ඩායම සහප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීම් කර තිබියදි එය වලක්වා ගැනීමට කටයුතු නොකළ බලධාරින් පිරිස යන්න ලෝකයා  හමුවේ අනාවරණය වි තිබේ.

කොමිසමේ සාක්ෂි මෙහෙයවුවන් පැවසු පරිදිම මෙම ප්‍රහාරයේ වගකිම එක් පුද්ගලයෙකුගේ ගිණුමට පමණක් බැර නොවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.