රටවල් වල කොරෝනා මරණ ඉහළ යයි

අමෙරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය හා මෙක්සිකෝව යන රටවලින් වැඩිම කොරෝනා මරණ වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙක්සිකෝවේ අවමංගල්‍යාගාර සහ සුසාන භූමිවල සිරුරු ගොඩගැසී ඇති අතර, දෛනික මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී.

එමෙන්ම ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි අසූ අට ලක්ෂ හය සිය තුනක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය සංඛ්‍යාව එක්ලක්ෂ පනස් පන් දහස් හාරසිය හතලිස් හතකි. සුවය ලැබූ පිරිස එක් කෝටි පනස් අට ලක්ෂ නව දහස් දෙසිය 2 කි.

මේ අතර ලොව සමස්ත කොරොනා රෝගීන් සංඛ්‍යාව දස කෝටි හැත්තෑ හත් ලක්ෂ හැත්තෑ අට දහස් දෙසිය හැට අටකි. ඇමරිකවේ එම සංඛ්‍යාව දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂ අනූ දහස් හාරසිය හැට පහකි

කෙසේවෙතත් කොරෝන වෛරසයේ මූලාරම්භය චීනය බව පැවසීමට තරම් කිසිදු සාධාරණ සාක්ෂියක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසුවේය.
එහි ප්‍රධානි ටෙඩ්‍රොස් අද්නම් මේ බව කියා සිටියේ, වෛරසයේ ආරම්භය පිළිබඳ විමර්ශනය සඳහා චීනයට ගොස් ඇති දූත පිරිස ලබාදුන් තොරතුරු අනුවය.

2019 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය වාර්තාවිය. පරීක්ෂණ කණ්ඩායම සිදු කළ පරීක්ෂණවලදී වෛරසයේ ආරම්භය පිළිබඳ සාධාරණ ප්‍රභවයක් සොයා ගැනීමට අපොහොසත් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.