කසකස්ථානයේ සිට පැමිණි 3 වන සංචාරක කණ්ඩායමත් මත්තල ගුවන්තොටුලෙන් දිවයිනට පැමිණියේය.
කසකස්ථානයේ අල්මාට් ගුවන්තොටුපොළේ සිට කේ සී 565 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස මත්තල ගුවන්තොටුපොළ වෙත ළඟා වුණේ පෙරවරු 11.20ටයි.
187 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම පැමිණි ගුවන් යානයෙන් මීට පෙර දිවයිනට පැමිණ සිටි කසකස්ථාන සංචාරකයන් 146 දෙනෙකු නැවත සිය රට බලා පිටත්ව යාමට නියමිතය. සතියකට වරක් අල්මාට් ගුවන්තොටුපොළේ සිට මත්තල ගුවන් තොටුපොළ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ තවත් යුක්රේන සංචාරකයින් 187 දෙනෙකු අද දිවයිනට පැමිණි අතර යුක්රේනයේ ස්කයිඅප් ගුවන් සේවයට අයත් පී කිවු 555 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණ තිබේ.
යුක්රේනයෙන් මෙරටට පැමිණි විසිවන සංචාරක කණ්ඩායම මෙයවේ. ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුක්රේන් සංචාරකයින් 146 දෙනෙකු යළි එම ගුවන් යානයෙන්ම පිටත් වී ඇත.