අන්තර්ජාලය හරහා සංසරණය වන වෛරසයක්

Covid-19 වෛරසය හේතුවෙන් මැයි 03 වෙනිදා දක්වා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බවට සඳහන් වන පරිගණක වෛරස් සැබඳියක් (Link) හවුමාරු වෙමින් පවතින බැවින් එය කිසිම අවස්ථාවක විවෘත නොකර ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල භාවිත කරන්නන් හට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසයි.

covidfreeinternet.blogspot හෝ covid-free-internet-bit.ly ලෙස පැමිණිය හැකිය.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තැබූ අනතුරු ඇඟවීම් ෆේස්බුක් සටහන – May be an image of text that says ‘නිවසේ සිට වැඩ රටේ පවතින තත්වයත් සමග, එකිනෙකා අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම සදහා සෙශබ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් නොමිලයේ ලබා දෙන අන්තර්ජාල සේවය සක්‍රිය කරගන්න. මැයි 03 දක්වා වලංගු වේ. Do not click Covid19 වෛරසයෙන් ආරක්ශා වීමට, හැකි සෑම විටම නිවසට වි සිටින්න. සෞඛ්‍යාරක්ශිත පුරුදු නිතරම අනුගමනය කරන්න [දැන්ම සක්‍රිය කරන්න. මම සබැදිය මත ක්ලික් කර ජිවිසිය හැක. p://bitly/COVID-Free-Internet TBO 4:19PM 4:19 Telecommunications Regulatory Commission of Sri Lanka’ අනතුරු ඇඟවීමයි. කොවිඩ් හේතුවෙන් මැයි 3 වනදා දක්වා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන බව සඳහන්කරමින් වයිරස් සබැඳියක් (Spam Link) සංසරණය වන බව මහ ජනතාව වෙත මෙයින් දැනුම් දෙමු . එමනිසා කරුණාකර covid-free-internet-bit.ly සහ covidfreeinternet.blogspot සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න.

මෙලෙස සංසරණය වන්නේ “SPAM Link” හෙවත් පුද්ගල කණ්ඩායමක් විසින් වාණිජ වෙළඳ දැන්වීම් සඳහා හෝ වාණිජ නොවන දේවල්වලට යොමු කරවා ගැනීම සඳහා හෝ ඕනෑම තහනම් කටයුත්තක් සඳහා විශාල ප්‍රතිග්‍රාහකයන් ප්‍රමාණයක් වෙත ඉල්ලුම් නොකර එවන ලද පණිවිඩයක් සහිත සැබඳියක් වන අතර මෙයින් ඔබගේ පෞද්ගලික තොරතුරු හෝ වෙනත් දේවල් ග්‍රහණය කරගැනීම සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.