කොවිඩ් නව ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් නව ප්‍රභේදයට ඉක්මනින් පැතිරයාමේ හැකියාවක් ඇති බව සෞක්‍ය අංශ පවසයි. ජයවර්ධනපුර රසායනාගාරය විසින්ම සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයකින් ව්‍යාප්තිය වැඩි විය හැකි බවට තහවුරු කර ඇත.

මේ නිසා ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ඒ අනුව දැනට දෛනිකව වාර්තා වන රෝගීන් 800 ඉදිරියේදී 1200 දක්වා ඉහළ යා හැකි බවත් මේ නිසා එක රසායනාගාරයක් මත යැපෙන්නේ නැතුව මේ සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා,” යනුවෙන් හරිත මයා පැවසුවේය.

මේ තත්වය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද අනතුරු අඟවයි. ඒ අනුව ඔවුන් පවසන්නේ වාර්තා වී නව ප්‍රභේදයත් සමඟ රටේ කොවිඩ් -19 තර්ජනය ඉතාම ඉහළ ගොස් ඇති බැවින් නිරෝධායන නීති කඩකරන සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ගන්නා බව ඔවුන් පවසති.

ඒ අනුව අනවශ්‍ය ගෘහස්ථ උත්සව සඳහා අවසර නොලැබෙන අතර සීමාවන්ට යටත්ව අවමංගල්‍ය උත්සව සහ මංගල උත්සව කිරීමට පමණක් අවසර ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.