විරෝධතාවයට සහභාගී වූ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට සිතාසි

ෆාරුක් සිහාන්

මෑතකදී පොතුවිල් සිට පොයින්ට් පේද්‍රෝ (පී 2 පී) විරෝධතාවයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු හත් දෙනෙකුට සිතාසි නිකුත් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්යන් රාසාමනිකම් ඇතුළු හය දෙනෙකුට අප්‍රේල් 30 වන දින කල්මුණේ මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.

උද්ගොෂණයට සහභාගී වීමෙන් අධිකරණ නියෝගයක් උල්ලංගනය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
පුද්ගලයින් 29 දෙනෙකුට විරෝධතාවයට සහභාගී වීම වළක්වාලමින් පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණි.

අධිකරණ නියෝගය උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් කල්මුණේ පොලිසිය මෙම පිරිසට එරෙහිව නඩු පවරා තිබේ. දෙමළ ජනයාගේ ඉල්ලීම් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මෑතකදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුව කියා සිටියේ විරෝධතාකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.