ව්‍යාපාරිකයන් ඇගයීමට තරු සම්මාන උළෙලක්

මධ්‍යම පළාතේ ව්‍යාපාරිකයන් ඇගයීම සදහා වන තරු සම්මාන උළෙල මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානයෙන් මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්.යු.ගමගේ මැතිතුමාගේ සහ එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙහිදී නිෂ්පාදන හා සේවා වශයෙන් අංශ දෙකකින් සම්මාන සදහා තෝරාගැනීම් සිදු වු අතර,  ඉතා කුඩා, කුඩා, මධ්‍ය හා විශාල වශයෙන් ව්‍යාපාර කොටස් 4ක් ය‍ටතේ තරු 3, තරු2, තරු 1 වශයෙන් තරු වලින් සහ සහතික පත්ලාභීන් වශයෙන් ව්‍යාපාරිකයින් 79 දෙනෙකු ඇගයීමට ලක් විය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍ය දැක්ම” පදනම් කරගනිමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ‍මෙහෙයවීම යටතේ ව්‍යවසායකින්හට අවශ්‍ය ශක්තිය සපයමින් ඔවුන් නගා සිටුවීම මගින් දේශීය ආර්ථිකය සවිබල ගැන්වීම සදහා කටයුතු කරමින් සිටින බවයි.

අතීතය දෙස හැරී බලන කල්හී ශ්‍රී ලාංකීක දේශය අපනයන වෙළදාම අතින් ඉතා ඉදිරියෙන් සිටි බවත් නැවතත් එම තත්වය උදාකරගැනීමටත් දේශීය ව්‍යාපාරිකයන් නගා සිටුවීම කාලීනව ඉතා වැදගත් බවත් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගමනේදී තරුණ ජවය සහ දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් ‍සිදුකෙරෙන නව නිෂ්පාදන දිරිගින්වීම සිදු කළ යුතුව පවතින බවත් එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.