කසල දහනයෙන් විදුලිය

අශන්ති වරුනසුරිය

කසල උපයෝගීකරගනිමින් විදුලිය නිෂ්පාදනය කළ හැකි බලාගාරයක් සෑම දිස්ත්‍රීක්කයකම ස්ථාපිත කරමින් මෙරට කසල ගැටලුවට විසඳුමක් ගෙනඒමට සැළසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකෙරුනු පළමු විදුලි බලාගාරය ලබන 17වනදා විවෘත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත. මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කිරීමට සුදානම් කර ඇත.

කොළඹ මහ නගර සභාව හා පුද්ගලික සමාගම එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදි කරන ලද මෙ.වො.10ක ධාරිතාවයකින් යුතුය.

කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ බලාගාර වැඩ කටයුතු නිමකරමින් එය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරලීමට දැන් හැකිවන බව අමත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඊයේ 12 මෙහි නිරීක්ෂණ චාරිකාවක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එකතු වී තිබිණි. කුණු නිසා මිනිස් ජීවිත වලින් වන්දි ගෙවූ රටකට, මේ බලාගාරය මහත් අස්වැසිල්ලක් බව ඔහු පැවසීය. “විදුලිබල උත්පානය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට රැගෙනයාමේ සංකල්පයට අනුව යමින්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ මගපන්වීම යටතේ විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම ස්ථාවර විදුලිබල සේවාවක් ලබාදීම වෙනුවෙන් මේ වනවිට නවමු ව්‍යාපෘතීන් වෙත අප යොමු වෙමින් තිබෙනවා. පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය එවැනි නවමු සංකල්පයක්. මහවැලි අධිකාරියත්, විදුලිබල මණ්ඩලයත්, සුනිත්‍ය බලශක්ති මණ්ඩලයත් සමග මේ වනවිට ඒ පිළිබදව අධ්‍යයනය කරමින් සිටිනවා. මේ වනවිට මහවැලි අධිකාරිය විසින් ලබාදී තිබෙන ජලාශ තුනෙන් කොපමණ ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට ලබාගත හැකිද, එම සම්බන්ධතාවය සදහා විදුලිබල මණ්ඩලයට වැයවන මුදල කොපමණ වේද යන වියදම් ඇස්තමේන්තුවත් පිළිබදව අවධානය යොමුකර, අදාළ ජලාශයන් කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව ඉදිරි අනාගතයේදී ජාතික විදුලිබල පද්ධතියට පාවෙන සූර්ය බලාගාර මගින් සැලකිය යුතු ධාරිතාවයක් ලබාගත හැකි වෙතැයි මා බලාපොරොත්තු වෙනවා. යනුවෙන් ද දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.