ඉතිරි කර හොඳ මතක නික්ම යන සොදුරු කලාකරුවා


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය ගනේමුල්ල, කොස්සින්න ශ්‍රී සීලානන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවසින් අද (13) පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන ඒමට නියමිත ය.

ඒ මහතාගේ දේහය අද පස්වරුවේ සුදර්ශි ශාලාව වෙත රැගෙන ඒමෙන් පසු හෙට (14) පස්වරුව දක්වා මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කිරීමට නියමිතව ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

සුවහසක් ලංකේය ජනතාවගේ ආදරය දිනා ගත් කලාකරුවකු වූ ඔහු ගුරුවරයකු ලෙසද දැයේ දරුවන්ට අමිල සේවයක් ඉටු කළේය. ප්‍රවීණ කලාකරුවන් රැසක් ජයලාල් නම්වූ සුන්දර මිනිසා ගැන බොහෝ දේ පවසද්දී ප්‍රවීන කලාකරු කෘතහස්ත ලේඛක සමන් කුමාර ලියනගේ මෙසේ පැවසීය,

ජයලාල් මහත්මයා පිළිබඳව ගොඩක් අය බොහෝ දේවල් කිව්වා.මටත් හිතුනා එක් විශේෂ දෙයක් කියන්න. සදගලතැන්න ඉවර වුණු ගමන්ම වගේ තමයි ජයලාල් මහත්මයාව දෙමටගොඩදී දුම්රියක ගැටුණේ .ඒ අවස්ථාවේ ප්‍රථමයෙන් මෙම පණිවිඩය ආවේ සුසිරන් ද සිල්වා මහත්මයාට. සුසිරන් ඒ මොහොතෙ හිටියෙ කොළඹින් බැහැරව . ඔහු මට කතා කරලා කිව්වා සමන් jayalal excident වෙලා දැන් හදිසි අනතුරු ඒකකයට එක්කන් එනවා. පුෂ්ප මිස්ටර් කියලා මොනවා හරි කරන්න කියලා. ඒ කාලේ පුෂ්පා හෙද සහෝදරිය මගේ මිතුරියක්.එම පණිවිඩය ලද පුෂ්පා මැතිනිය jayalal rohana මහතාට කළ හැකි හොදම දේ කරන්න පියවර ගත්තා. හදිසි අනතුරු ඒකකය පුෂ්පා මැතිණියත් ජයලාල් රෝහණ මහතා වෙනුවෙන් කළ කර්තව්‍ය පිළිබඳව ගෞරවය අදටත් ඔවුන් වෙත පිරිනැමිය යුතුයි.දිනකට කිහිප වතාවක් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව රූපවාහිනී නාට්‍ය අංශය දැනුවත් කරන්නටත් පුෂ්පා මැතිනිය කටයුතු කළා.එතුමාගේ ආවේගකාරී හැසිරීම නිසා මා හදිසි අනතුරු ඒකකයට ඔහු බලන්නට යන විට අත් දෙක සහ කකුල් දෙක ඇඳේ ගැටගසා තිබුණා.ඔහු බැලීමට පැමිණෙන සෑම කෙනෙකුගේම ,ඔව් ඇසූ එකම ප්‍රශ්නයක් තිබ්බා උබ නේද ඒ වෙලාවේ මට කෝල් කරේ .ඔහුගේ දෑස තද රත් පැහැයක් ගෙන තිබුණා .රූපවාහිනී නවාතැන් ඒකකයේ නවාතැන් ගෙන සතියක් මා අලුයම ඔහු බැලීමට රෝහලට ගිය අතර දත මැද රැවුල කැපීමට පියවර ගත්තා ඔවුහු ඉන්න මහත් අස්වැසිල්ලක් ලැබුව.මාලි ජයවීර මෙනවිය මේ පිළිබඳව හොඳින්ම දන්නවා.මා එසේ කිරීමට පෙළඹුණේ ඔහු සතුව තිබූ විශේෂ මානුෂීය ගුණාංගයන් නිස්සාවෙනි.සඳගලතැන්ට ඔබ කළ මෙය අති මහත්ය.එසේම අනෙක් ශිල්පී ශිල්පිනියන්ට ද උදව් කළ ආකාරය පුදුම සහගතය . රූපවාහිනී නාට්‍යයක යේ නාට්‍ය සඳහා නැවත ඔහුට ආගමනය වන්නට ඉඩ දුන්න විමලරත්න අධිකාරි මහතා වත් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. අවාසනාවක මහත වන්නේ ඔබ උගත් දැනුම මෙරටට දායාද කිරීමට නොහැකි වීමයි.රංගන ක්ෂේත්‍රයේ වැඩිම උපාධි සංඛ්‍යාවක් සහ දැනුවත්ම පුද්ගලයාව සිටියේ ඔබයි.ආදරණීය මිතුරු ඔබට සුභ ගමන් නිවන් සැප ලැබේවා..

කලක් රෝගීව සිටි ජයලාල් රෝහණ මහතා පසුගියදා දිවියෙන් සමුගත්තේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 56ක්. අද පස්වරු 6.00ට කොළඹ සුදර්ශි ශාලාව වෙත රැගෙන එනු ලබන දේහය හෙට ප.ව.4.00 දක්වා මහජන ගෞරවය පිණිස එහි තැන්පත් කර තිබේ. අවසන් කටයුතු හෙට සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

  • අශ්වරු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.