2021 ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්රීඩක ලැයිස්තුවට ශ්රී ලංකා ක්රීඩකයින් 9කු තෝරාගෙන ඇත.
එම ක්රීඩකයින් වන්නේ තිසර පෙරේරා, කුසල් පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ සහ විජයකාන්ත් වියස්කාන්ත්ය.
පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට සූදානම්කර ඇති ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසිය සඳහා ක්රීඩකයන් 1097 දෙනෙක් ලියාපදිංචි වී සිටි අතර ඊට ශ්රී ලංකා ක්රීඩකයින් 31දෙනෙක් ඇතුළත් විය.
එම ක්රීඩකයින් 292 අතරට ඇතුළත්ව ඇත්තේ ශ්රී ලංකා ක්රීඩකයින් 9 දෙනෙක් පමණි.