මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ අද (12) අලුයම භූ චලනයක් සිදුව තිබේ.
මෙය සුළු කම්පන තත්ත්වයක් බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇත. මෙය මේ ප්‍රදේශයේ ඇති වූ තුන්වන භූ චලනය වේ.
මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම ගම්මානය ආශ්‍රිතව භූ චලනයන් ඇති විය.
අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ණෂ සහ පතල් කාර්යාංශය පවසයි.