චීන ව්‍යාපෘති මගින් උත්පාදනය කෙරෙන විදුලිය නිසා දරාගත නොහැකි බලශක්ති අතිරික්තයකට පාකිස්ථානය මේ වනවිට මුහුණ දී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.
චීන ණය යොදාගනිමින් විදුලි ව්‍යාපෘති 12 ක් මෙසේ ක්‍රියාත්මක කර ඇති අතර එම ණය ගෙවීමේදී ද පාකිස්ථානය අර්බුදයකට මුහුණ දී ඇති බව එහි වාර්තා කර ඇත.
මේ නිසා පාකිස්ථානය බරපතල මූල්‍ය අර්බුදයකට පවා ලක්ව ඇති අතර ණය කොන්දේසි ලිහිල් කිරීමට දෙරට නිල නොවන සාකච්ඡා ආරම්භ කරතිබේ.
මෙගාවොට් 38 000 කට අධික ජාතික ධාරිතාවෙන් 27%ක් ජලය, 16%ක් ඌෂ්මක ඉන්ධන, 12%ක් ස්වාභාවික වායු, 26%ක් ද්‍රව වායු, 9%ක් ගල් අඟුරු, 5%ක් පුනර්ජනනීය හා 5%ක් න්‍යෂ්ටික බලය ආදී ලෙස බෙදී යයි.
කෙසේ වෙතත් අගමැති ඉම්රාන් ඛාන් පවසන්නේ තවදුරටත් පාකිස්ථානයට ගල් අඟුරු බලාගාර අවශ්‍ය නැති බවය.
දේශගුණික යුක්තිය හා පිවිතුරු බලශක්තිය නමැති පාකිස්ථාන සංවිධනය පවසන්නේ අගමැතිවරයා ගත් මෙම තීරණය නිවැරැදි එකක් බවය.
කෙසේවෙතත් බලශක්ති විශ්ලේෂකයකු වන ෂොහිබ් මලික් පාකිස්ථාන දේශපාලන නායකත්වය හා ප්‍රතිපත්ති සම්පාදකයන් අතර නිසි සාකච්ඡාවක් නොමැතිකම නිසා පාකිස්ථාන බලශක්ති ක්ෂේත්රයෙහි අසංගතභාවයක් හටගෙන ඇතැයි පවසයි.
පාකිස්ථාන බලශක්ති ඇමැති ඕමාර් අයුබ් ඛාන් එරටට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා චීන ආයෝජන ලබාගැනීම ගැන ද චීන තානාපති නොන් රොන් සමග සාකච්ඡා පවත්වමින් සිටියි.