කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මෙන්ම පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු පිරිසක් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් සිය ස්තුතිය ප්‍රකාශ කරමින් අගමැති පැසසුමට ලක් කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයෙන් දැක්වෙන්නේ, කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින් භූමදාන කිරීමට මුස්ලිම්වරුන්ට අවසර දෙන බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී දුන් සහතිකය සාදරයෙන් පිළිගන්නා බවද ශ්‍රී ලංකාවේ බ්‍රිත්‍යාන මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මියද ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොවිඩ් -19 ආසාදිත මරණ භූමදානය කිරීම පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ නිවේදනය සාදරයෙන් පිළිගන්නා බවත්, කණගාටුවට පත්වූවන්ට ඔවුන්ගේ ආගමික පිළිවෙත් හා ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ඉඩ සලසමින් මෙය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇති බවට බලාපොරොත්තු වන බවත් සටහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලෙයිනා බී.ටෙප්ලිට්ස් මහත්මියද ට්විටර් පණිවිඩ නිකුත් කරමින් මරණ ආදාහනය අවසන් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය අන්තර්ජාතික මහජන සෞඛ්‍ය සම්මතයන්ට අනුකූලව හා ආගමික වත්පිළිවෙත්වලට ගරු කරන ධනාත්මක ක්‍රියාවක් බව පැවසීය.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාද ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්, විශේෂඥයින්, සිවිල් සහ දේශපාලන කණ්ඩායම් නැවතත් භූමදාන අයිතිවාසිකම් ඉල්ලා සිටි බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ අසුන් ගත්තේය. අද පාර්ලිමේන්තුවේදී ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන රෙගුලාසි අනුමත කිරීමේ කටයුතු සිදු කෙරිණි.
ඉන් අනතුරුව අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් තරමක් උද්වේගයකින් යුතුව වාචිකව පිළිතුරු ලබාදෙනු ලැබුවා එහිදී ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින නිසා හැමෝම ලකුණු දාගන්න කතා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිනාසෙමින් සඳහන් කළේය.