රජවාස වෙළෙඳ සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

නාරාහේන්පිට ආර්ථික මධ්යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Centre” (රජවාස) වෙළෙඳ සංකීර්ණය අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ.
ශ්රී ලංකා රාජ්ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත.
එය රාජ්ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78කින් සමන්විතය.
“සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශය ප්රකාර රාජ්ය ව්යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එක වහලක් යටදී සපයා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව උදා කිරීම ව්යාපෘතියේ අරමුණයි.
දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ වෙළෙඳ සැල්වලට සැපයීමේ අවස්ථාව සැලසීම ද නව වැඩපිළිවෙළට අයත්ය.
සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා වෙළෙඳ සැල් වෙත යමින් නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් සමග අදහස් හුවමාරු කර ගත්තේය. මෙහිදී අදහස් පළ කළ මෙම ව්යාපෘතියේ නිර්මාතෘ වෙළෙඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම සියලුම නිෂ්පාදකයන්ට සහ ව්යවසායකයන්ට ඉමහත් ශක්තියක් වන බව ප්රකාශ කර සිටියේය.
ලාංකීය ඉතිහාසයේ ප්රථම වතාවට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වඩා සාධාරණ මිල ගණන් යටතේ එකම වහළක් යටින් ලබා ගැනීමට මේ ඔස්සේ පාරිභෝගික ජනතාවට අවස්ථාව උදාවන අතර නිෂ්පාදකයන්ටද සිය නිෂ්පාදන සෘජුවම අලෙවි කිරීමට මේ ඔස්සේ අවස්ථාව උදා වේ.
තමා භාරගන්නා විට පාඩු ලබන ආයතනයක් බවට පත් වී තිබූ රාජ්ය විවිධ නීතිගත සංස්ථාව තව මාස තුනක් යාමට මත්තෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්ය සියලු කටයුතු මේ වන විටත් සිදු කර අවසන් බව කියා සි‌ටි අමාත්යවරයා දිවයින පුරා දිස්ත්රික්ක විසිපහේම මෙම රජවාස වෙළෙඳ මධ්යස්ථාන ඇති කිරීම සිය බලාපොරොත්තුව බවද සඳහන් කරන ලදී. රාජ්ය විවිධ නීතිගත සංස්ථාවට වසර පනහක් සපිරීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මේ අවස්ථාවට සමගාමීව සිදු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.