අශන්ති වරුනසුරිය
කොරෝනා අසදිතයින්ගේ වැඩිවීම හමුවේ නිරෝධායන මධ්‍යස්ථානට යොමු කිරීම ගැටළුවක් වී ඇති බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.
එමෙන්ම ඉදිරියේදී මේ තත්වය වැඩි වුණහොත් මෙම ගැටලුව තවත් වර්ධනය වන බැවින් නිවෙස් වල නිරෝධායන පහසුකම් සැපයීමට සෞක්‍ය බලධාරීන් කිසියම් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම යෝග්‍ය බව ඔහු සදහන් කරයි.
රෝග විනිශ්චයන් හමුවේ එවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සුදුසු ද පවසමින් ඔහු පවසන්නේ “සුදුසුකම් පහසුකම් තියෙනවා නම් නිවෙස් වලම නිරෝධායනය වීමට ඉඩ සැලැස්වීම යෝග්‍යයි. නැත්නම් ගෙනියන්න තැන නැතුව ඉඩ ප්‍රශ්නයක් එනවා”.
මේවන විට ගම්පහ වෙළෙඳ සංකීර්ණයේ පැත්තක් වසාදමා ඇති අතර දිගටම පීසීආර් පරීක්ෂණ සිදු කෙරෙන බවද නගරාධිපතිවරයා පැවසීය.
ඒ අනුව ගම්පහ නගරයේ නගරසභා ක්‍රීඩාංගනයේ, පොදු වෙළෙඳ සංකීර්ණය පරිශ්‍රයේ, ගම්පහ පොදු දුම්රිය ස්ථානය ඉදිරිපිට, ගම්පහ නගරයේ කොළඹ පාර CIB ආයතනය අසල, වොඩ්සිටි පරිශ්‍රයේ, ආදී ස්ථාන 5ක PCR පරීක්ෂණ සිදු කෙරේ. ඒ අනුව සියලුම වෙළෙඳ සැල් හිමියන්ට පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙසටද දැනුම් දී ඇත.