බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලොවටම නිර්දේශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මෙම එන්නත වයස්ගත පුද්ගලයින් තුළද තරුණ පුද්ගලයින්ට සමාන ප්‍රතිශක්තියක් ගොඩනගන බවය.
විදෙස් මාධ්‍ය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරස් ප්‍රබේද පවතින රටවල් ඇතුළු සියලු රටවල් සඳහා ඇස්ට්‍රා සෙනෙකා කෝවිඩ් 19 එන්නත අනුමත කරන බවය.
වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා ද නිර්දේශ කර ඇත.