මේ වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියාමනය කිරීම සඳහා කමිටුවක් පත්කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් පැවසුවේ මෙරට පැවැත්වෙන සියලු තරඟාවලි නියාමනයට ක්රිවේදයක් සකස් කරන බවය. එහිදී කබඩි, රගර්, වොලිබෝල් ඇතුළු තරඟාවලි රැසක් ඉදිරියේදී පැවැත්වීමට නියමත බවද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා හෙට සිට වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ජනතාව ව්‍යායාම් සඳහා යොමු කිරීමේ අරමුණින් ලබන 20 වනදා සිට තවත් වැඩසටහනක් ආරම්භ කරන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අංග සම්පූර්ණ ක්‍රීඩා පිටිය බැගින්, ක්‍රීඩා පිටි 342 ක් සංවර්ධනය කිරීමේ කටයුතු ලබන මාර්තු මස 02 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය. එක් ක්‍රීඩා පිටියක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් වැය කෙරේ කෙරේ.