කොවිඩ් ආසාදිත මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.
කොවිඩ් මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරිම කවදා සිදුකරන්නේද යන්න සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින් ගේ මළ සිරුරූ භූමදානය කිරිමට අවසර ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.