සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය මාර්තු මස 16 වනදා දක්වා දීර්ඝ කිරීම අභියාචනාධිකරණය නියම කළේය.
පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතාට පෞද්ගලික හේතුවක් මත අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන හෙයින් එම නඩුව සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඉල්ලීමක් කළේය.
එමෙන්ම රංජන් රාමනායක මහතාගේ මන්ත්රීධුරය සම්බන්ධයෙන් දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ලෙස ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා ඉල්ලීමක් කර තිබේ.