පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද මේ දේවල් වල සත්‍යතාවය සොයාගත යුතු බවද උන්වහන්සේ පවසති.
ඒ අනුව කදිනල්හිමිපාණෝ පවසන්නේ ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා සෙවිය යුතු බවය.
ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ඨ නොවුණොත් ජාත්‍යන්තර අධිකරණයකට ගොස් යුක්තිය ඉල්ලීමට තමන් සුදානම් බවත් ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය බවත් උන්වහන්සේ පවසති.