2017 වසරේ පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර පොලීස් ශාඛාව විසින් මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව සැකකරු මධුරේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයේ රඳවා තබා ගෙන සිටින බව දී ඇත. 2017 මැයි 9 වන දින පොලිස් නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
එම වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු තවත් නිලධාරියෙක් තුවාල ලැබීය. එමෙන්ම එම සිද්ධියෙන් දරුවන් තිදෙදෙනකු තුවාල ලැබු අතර පසුව රෝහල්ගත කර සිටිය දී 11 හැවිරිදි එක් දරුවෙක් ජීවිතක්ෂයට පත්විය.
එම සිදුවීමේ දී පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් එම අපරාධය සිදුකළ පුද්ගලයෙකු ලෙස මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා හඳුනාගනු ලැබීය.