වෛශනී වෙල්රාජ්
කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට පළාත් වල කොරෝනා වෛරසය වේගයෙන් සම්ප්‍රේෂණය වීම් වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
සංගමයේ ලේකම් එම්. බාලසූරිය කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ කොවිඩ් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් නිරන්තරයෙන් වෙනත් දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි.
පසුගිය දින කිහිපය තුළ බදුල්ල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, කළුතර, රත්නපුර, මාතර, මාතලේ සහ අම්පාර දිස්ත්‍රික්ක වලින් කෝවිඩ් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් නිරන්තරයෙන් වාර්තා වී වූ බව ඔහු පැවසීය.
මේ වන විට කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විවිධ ගැටළු වලට මුහුණ දී සිටින බව ද වාර්තා වේ. පීසීආර් යන්ත්‍ර කැඩී යාම සහ පීසීආර් පරීක්ෂාවට සම්බන්ධ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගණනාවකට වෛරස් ආසාදනය වී ඇති හෙයින්, පරීක්ෂණ ප්‍රථිපල දින හතරක් හෝ හතක් අතර ප්‍රමාද වීමක්ද සිදු වේ.
ආසාදිත පුද්ගලයින් හඳුනා නොගැනීම වෛරසය අඛණ්ඩව නොදැනුවත්වම තවත් පුද්ගලයින්ට සහ අඩු බලපෑමට ලක්වූ ප්‍රදේශවලට පැතිරීමේ අවදානමක් ඇති බව බාලසූරිය මයා පැවසීය.