මැණික් හා ස්වර්ණාභරණ ගාස්තුවට අදාළ ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මැණික් හා ස්වර්ණාභරණ පනතයට අනූව මැණික් පතල් කැණීම විකිණීම ඇතුළු ක්‍රියාවලියට අදාළ ගාස්තු සඳහා වූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අද පාර්ලිමේන්තුවේ පැවති කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
1993 අංක 50 ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනත යටතේ ඉදිරිපත් කෙරුණු 2020 මාර්තු මස 2 වැනි දින පළ කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මෙසේ සලකා බැලීමට නියමිතයි. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ලැබෙන ආදායම 14%ක ආදායම් බද්දෙන් නිදහස් කිරීම සම්බන්ධව මෙහිදී කාරක සභාවේ අවධානය යොමුවිය. මීට පෙර අතිගරු ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකදී ද මේ සම්බන්ධව අවධානය යොමුව ඇතිබව මෙහිදී සදහන් විය.
මැණික් හා ස්වර්ණාභරණ පනතට අනුව මැණික් පතල් කැණීම ,විකිණීම ඇතුළු ක්‍රියාවලියට අදාල ගාස්තුවලට අදාල ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ,රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී කාරක සභාව රැස්විය.
ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය,ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා ද මෙහිදී අනුමැතිය හිමිවිය.
දඔදෙණිය ප්‍රදේශයේ ඉහළ ගුණාත්මකබවින් යුතු වටාපත් සපයන පාරම්පරික කර්මාන්තකරුවන් නගා සිටුවීමේ වැදගත්කම පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධානය යොමුකළ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ඉදිරියේදී එම ප්‍රදේශයට පැමිණ ඒ පිළිබද සොයා බලා කටයුතු කරන බවයි. තවද පුත්තලම දිස්ත්‍රික්කයේ මැටි කර්මාන්තකරුන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ මහතා අවධානය යොමු කළ අතර ඊට කඩිනමින් විසදුම් ලබාදෙන බව අමාත්‍යවරයා පවසන ලදි.