දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ජීවිතයට තවමත් තර්ජනයක් පවතින බව ඔහු පවසයි.
තම ජීවිතයට තවමත් තර්ජනයක් පවතින බව මීට මාසයකට පෙර නීතිය හා සාමය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් තමාට දන්වා ඇති බව සුමන්තිරන් මයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
කෙසේ වෙතත්, දැන් ඔහුගේ ජීවිතයට යම්කිසි දෙයක් සිදුවුවහොත්, අමාත්‍ය සරත් වීරසේකර මහතා වගකිව යුතු බව ද ඔහු පැවසීය.
පසුගිය සතියේ උතුරේ පැවති උද්ගෝෂණයකට සහභාගී වීම නිසා සුමන්තිරන් මයාගේ ආරක්ෂාව ඉවත් කරන ලෙසට වීරසේකර මහතා නියෝග කර තිබුණි. තමන් යටතේ සිටින පොලිස් හමුදාව සහ විශේෂ ආරක්ෂක බලකාය නිවට පිරිසක් බවට පත්කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පැවසිය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ත්‍රස්තවාදී පුද්ගලයකු සමඟ ආශ්‍රය කිරීම හේතුවෙන් පා.ම. සුමන්තිරන් මහතාගේ ආරක්ෂක පිරිස ඉවත්කරනු ලැබුවත් ත්රස්තවාදීන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවය.
කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු රජයේ සාමාජිකයින් කිහිප දෙනෙකු කථානායකතුමාගෙන් ඉල්ලා සිටියේ සුමන්තිරන්ට ලබා දී ඇති විශේෂ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන ලෙසටය.