ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අඛණ්ඩව නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට එරෙහිව ධීවරයින් අද (10) පෙරවරුවේ ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත් විය.
මෙහිදී විරෝධතා දැක්වූ ධීවරයින් ඉල්ලා සිටියේ ඩයිනමයිට් අනිසි ලෙස භාවිතා කිරීම, තහනම් දැල් භාවිතය,සීමිත ප්‍රදේශවල මසුන් ඇල්ලීම යන කරුණු සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.
නීතිවිරෝධී ධීවර කටයුතුවලට එරෙහිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර නොගැනීම සම්බන්දයෙන් සිය අප්‍රසාදය පළකළහ.
මෙම විරෝධතාවයට ධීවරයින් 200 කට වැඩි පිරිසක් සහභාගී විය.