ක්‍රිකට් ප්‍රමිතිය නංවන්න නව ක්‍රිකට් කමිටුව රැස්වෙයි

කිසිඳු ක්‍රීඩා සංගමයක නිලවරණයක් සාධාරණ හේතුවකින් තොරව කල් දැමීමට කටයුතු නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා පත් කළ තාක්ෂණික උපදේශන කමිටුව ඊයේ පලමුවරට රැස් විය. එහිදී අමත්‍යවරයා මේ බව පැවසිය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ක පවතී මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස අරවින්ද ද සිල්වා මහතා කටයුතු කරයි.

රොෂාන් මහානාම ,මුත්තයියා මුරලිදරන් සහ කුමාර සංඝක්කාර යන මහත්වරුන් සාමාජිකයන් ලෙස පත්කෙරිණි. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ප්‍රමිතිය නංවාලීම සඳහා මෙම කමිටුව පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.