ඉන්දියාව, ජපානය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරයි

ඉන්දු පැසිෆික් රාමුව යටතේ රටවල් අතර සම්බ්නදතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පවසයි.

ජපානයේ ඉන්දියාවේ තානාපති සතෝෂි සුසුකි පවසන පරිදි ක්වාඩ් රටවල් – ජපානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඔවුන්ගේ දැක්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව සමීපව කටයුතු කරනු ඇති අතර වඩා විශාල “උපායමාර්ගික අභිසාරීතාවයක්” සඳහා ඔවුන්ගේ කැපවීම කරා ප්‍රගතියක් ලබා ඇති බවය.

ඉන්දු පැසිෆික් රාමුව යටතේ ක්වාඩ් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය සහ මාලදිවයින වැනි රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති බව ThePrint සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සුසුකි පැවසීය.

“ගුණාත්මක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සමුද්‍රීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම, සාමූහිකව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ මානුෂීය ආධාර / ආපදා සහන සම්බන්ධීකරණය කිරීම තුළින් රටවල් හතර (ක්වාඩ්) මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව සමීපව කටයුතු කරනු ඇත” යනුවෙන් තානාපතිවරයා පැවසීය.

විදේශ ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ සුසුකි, 2017 සිට ඇරඹි වසර දෙකක ක්වාඩ් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම්වලට නායකත්වය දුන්නේය. මෙය සිදුවන්නේ ක්වාඩ් රටවල් ඔවුන්ගේ පළමු සමුළු මට්ටමේ රැස්වීමක් පැවැත්වීමෙන් කණ්ඩායම්ගත කිරීම විධිමත් කිරීම සඳහා උපාය මාර්ගයක් සකස් කරමින් සිටින බවට වාර්තා පළ වී ඇති අවස්ථාවක ය.

කලාපයේ සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් කිරීමේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා දායක වීම සඳහා ජපානය තොරතුරු විලයන මධ්‍යස්ථානය ඉන්දියන් සාගර කලාපයට (IFC-IOR) සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කර ඇති බව සුසුකි වැඩිදුරටත් පැවසීය.

2020 සැප්තැම්බර් මාසයේදී අත්සන් කරන ලද සැපයුම් හා සේවා පරස්පර ප්‍රතිපාදන පිළිබඳ ගිවිසුම මගින් ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමට පහසුකම් සැලසෙන අතර ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.