ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යළි ගුවන් ගමන් ඇරඹීමට යයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව යලි ගුවන් ගමන්
ඇරඹීමට සංචාරක අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

එය සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා සංචාරක අමාත්‍යංශයට අදාල යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙරට සෞඛ්‍ය අංශ හා ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි දෙරටේම අවධානය යොමුව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේ වන විට එරටට පැමිණිය හැකි හා එරටින් පිටව යා හැකි ගුවන් මගීන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එකඟතාව පල කරන්නේ නම් මෙම ව්‍යාපෘතිය ආරම්භ කල හැකි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා රජයට යෝජනා කර තිබේ.

ඒ අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් හා කොව්ඩ් 19 පාලනය කිරීමේ කමිටුව සමගද කඩිනමින්

සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
මේ අතර පසුගිය ජනවාරි මාසය තුල මෙරටට සංචාරකයන් 1682ක් පැමිණි බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නවතම වාර්ථාවේ සඳහන් වෙයි.

කොවිඩි 19 වසංගතයෙන් පසු සංචාරකයන්ට රට විවෘත කෙරුණේ පසුගිය ජනවාරි 21වෙනිදායි. මෙම කාලය තුළ යුක්රේන, බෙලරූස් හා චීන ජාතික සංචාරකයන් මෙරටට පැමිණි බව අදාල වාර්ථාවේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.