කොවිඩ් වැඩි වෙන්නේ වගකීම් විරහිත ජනතාව නිසා  

කොවිඩ් සිඝ්‍රයෙන් පැතිරෙන මොහොතක, කොළඹට ගම්පහට කොරෝනා අවධානමේ රතු එළි දැල්වෙද්දී ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ 976ක් ලෙසින් සටහන් විය.
කොරෝනා වැඩිවීමට හේතුව ආණ්ඩුවේ දුර්වල පාලනය බව විපක්‍ෂය දිගින් දිගටම චෝදනා කරමින් ආණ්ඩුව ෆේල් බවට පවසද්දී ගම්පහ නගරයේද පිටකොටුව දඹුල්ල සහ අනෙක් පළාත් වල වැසී ගිය වෙළෙඳ සංකීර්ණ මෙන් ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පැවසීය.
ගම්පහ ජනතාව පසුගිය කාලයේදී කොරෝනා නිසා බෙහෙවින්ම හෙම්බත් විය. අවදානම පහව යන බවක් ද නැත. තත්වය එසේ වෙද්දී කොරෝනා අවදානම ගැන Colombo Gazette අප ගම්පහ නාරගධිපතිවරයා සමඟ සිදු කල කෙටි සංවාද සටහනකි මේ.
අශන්ති වරුනසුරිය 
මේවන විට ගම්පහ නගරයේ තත්වය කොහොමද ?
ඊයේ වන තෙක් ලැබී ඇති දත්ත අනුව නගර සිමාවේ ආසාදිතයින් 233 සිටින බවත් එළවළු වෙළෙඳපොළ පලතුරු වෙළෙඳපොළ ආශ්‍රිත සේවකයින්ට කොවිඩ් ආසාදනය වෙලා. පසුගිය දින 4 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280කට අධික ප්‍රමාණයක් සිදු කළා. එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තියෙනවා. මුළු නගරයේම ව්‍යාපාරිකයින් 1000කගේ පීසීආර් කරන්න තැන් 5ක් සුදානම් කරලා තියෙන්නේ.
මෙහෙම කොරෝනා වැඩිවුණේ මෙතෙක් නිසි පාලනයක් නොවුණු නිසාද ?
එහෙම කියන්න බැහැ. කොරෝනා ලංකාවට ආපු දවසේ ඉදලා අපිට සෞක්‍ය අංශ ලබාදුන් මාර්ගෝපදේශන වලට අනුකුලව අදාල කටයුතු දියත් කළා.  වෙළෙන්දන් ගැන කතා කරනකොට මොවුන් බහුතරය මාස්ක් එකක් වත් පැළඳ නැහැ. ඔවුනුත් වගකීම් විරහිතව වැඩ කරලා. ඒවගේම සෙසු පිරිසුත් මාස්ක් එකක් නැති කෙනෙක් ළඟට නොයා ඉන්න, ඔවුන් එක්ක ගනුදෙනු නොකිරීමට ජනතාව වගබලා ගන්න ඕන. එදා ඉදලා මේ වන තුරු අපි දිගටම අදාල අන්ටිජන් පරීක්ෂණ සිදු කළා. ඉදිරියේදීත් සිදු කරනවා. විසබීජ හරණයන් සිදු කරනවා. මේවාට විශාල මුදලක් වැය වනවා. අපි මොනවා කළත් වැඩක් නැහැ, මිනිස්සු පරිස්සම් වෙන්නේ නැතුව. අපි ඉල්ලන්නේ, “ගම්පහ නගරයට ඇතුල්වන විට අදාළ සෞක්‍ය පිළිවෙත් අනුගමනය කරන්න”.
ඔබ මුදල් ගැන සඳහනක් කළා. සෞක්‍ය කටයුතු වලට ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් ද ?
විසබීජ හරණය ගත්තොත්, මගේ අතේ මේ වෙලේ හරිම දත්ත සටහන නැහැ. මට මතක විදියට 2020 මාර්තු සිට මේ දක්වා ලක්ෂ 30කට අසන්න මුදලක් වැය වී තිබෙනවා. පළාත් පාලන ආයතනයක් විදියට විශාල මුදලක් වැය කරමින් දිනපතා මේ කටයුතු කිරීම දැවැන්ත ප්‍රශ්නයක්.
ඒ කියන්නේ කොරෝනා වැඩි වෙනකොට ඔබලා වැඩේ අත අරිනවා කියන එකද ?
නැහැ කීයටවත් එහෙම කරන්නේ නැහැ. මම කියන්නේ අපහසුතා මැද වුනත් අපි උපරිමය කරනවා එත් මිනිස්සු ඔවුන්ගේ යුතුකම වගකීම හරියට කරනවද කියන එකයි ප්‍රශ්ණේ. රජයේ වගේම මගේ පදනම හරහාත් එක දිගට අපි සමාජ සුභ සාධන රාශියක් දියත් කළා. ඇත්තම කියනවා නම් දැන් අපේ පදනම් වලටත් මුදල් නැහැ. ඉතින් මිනිස්සු වගකීම් විරහිතව වැඩ කරලා මෙම උවදුර වැඩි වෙනකොට එකලෙසට මේ කටයුතු තව දුරටත් සිදු කිරීමේදී මුල්‍යමය ගැටළු මතු වෙන එක සාධාරණයි. අනික අපේ මිනිස්සු වරිපනම් ගෙවන්නෙත් නැහැ.
නිරෝධායන සෙන්ටර්ස් වලට ඉඩ නැති ප්‍රශ්ණයක් වාර්තා වෙනවා. විසදුම මොකද්ද ?
මමත් හිතන්නේ රෝගා නිර්ණයන් මත නිවෙස් වල නිරෝධායන වීමේ සුදුසුකම් තියෙනවා නම් නිවෙස් වලම නිරෝධායනය වීමට ඉඩ සැලැස්වීම යෝග්‍යයි. නැත්නම් ගෙනියන්න තැන නැතුව ඉඩ ප්‍රශ්නයක් එනවා.
නිරෝධායන වන පවුල් වලට ලබා දෙන බඩු ලබා දීමේදී අක්‍රමිකතා සිදුවෙන බවට චෝදනාවක් තියෙනවා ?
මට වගකීමෙන් කියන්න පුළුවන් අපේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. එරංග සේනාරත්න පදනමෙනුත් පුද්ගලිකව ජනතාවට බඩු ලබා දුන්නා. අපේ MOH, ප්‍රාදේශීය ලේඛම් කාර්යාල, මහජන සෞක්‍ය නිලධාරී මහත්වරු ඔවුන්ගේ වගකීම් ඉටු කරනවා. දිගටම පුද්ගලිකව වුණත් වියදම් කිරීමේ ගැටළු මතු වුවත් රජය ලබා දී තිබෙන යන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා කියන එක වගකීමෙන් කියන්න කැමතියි.
පාසල් ආරම්භ කිරීමට නියමිතයි. පාසල් දරුවන් ගේ ආරක්ෂණය වෙනුවෙන් වැඩපිළිවෙල මොකද්ද ?
ඔව් පාසල් වලට අදාල ලබා දී ඇති සෞක්‍ය උපදෙස් වලට අනුව කටයුතු කරනවා. විශේෂයෙන් දෙමාපියන් ට කියන්න අවශ්‍යයි දරුවන්ට අදාළ දැනුවත් කිරීම් ලබා දීලා එවන්න කියලා. දෙමව්පියන් වගකීම ගන්න ඕන.
කොවිඩ් එක්ක නගර සංවර්ධනය කටයුතු අඩාල වෙලාද ?
කිසිසේත්ම නැහැ. පසුගියවසරේදී සංවර්ධන කටයුතු ඒ ලෙසටම අපි සිදු කළා. මෙවසරේදී පාරවල් 20කට වැඩි ප්‍රමාණයක් කාපට් කිරීම මෙන්ම දැනට තිබෙන වෙළෙඳ සංකීර්ණය නවීකරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි කටයුතු මාර්තු වන විට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් කියලා පස්සට යන්නේ නෙහෙ ඉලක්ක ගත සංවර්ධන සැලසුම් වලට යනවා.
අවසන් ප්‍රශ්ණය. එරංගට පසුගිය මැතිවරණයට වරම් ලැබුනේ නැහැ. ඔබට නිසිතැනක් පක්‍ෂයෙන් ලැබෙන්නේ නැහැ කියලා කිවුවොත් ?
මම 3න් පාරක් නගරාධිපති වෙලා හිටියා. මම හිතන්නේ තාම මම සුදුසු නැතුව ඇති. ඒ නිසා දුන්නේ නැතුව ඇති. පළාත් සභා ජන්දෙට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් තව ටිකක් උත්සහ කරනවා. බලමු නේද.. මොනවා වුණත් මොනදේ ලැබුණත් නොලැබුණත් ජනතාව වෙනුවෙන් කල හැකි උපරිමය ඉටු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.