ගම්පහ නගරයේ කොරෝනා පාලනයට වැඩපිළිවෙලක් 

අශන්ති වරුනසුරිය 
මේවන විට ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.

මේ වන විට මුළු නගරයේ ම ව්‍යාපාරිකයින් 1000කගේ පීසීආර් කරන්න තැන් 5කදී සිදු කිරීමට තීරණය කර ඇත. ඒ වාර්තාව සමග ඊළඟ පියවර තීරණය කරන බව Colombo Gazette අප කල විමසුමට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේය

මේ වන විට නගර සිමාවේ ආසාදිතයින් 233 සිටින බවත් එළවළු වෙළෙඳපොළ පලතුරු වෙළෙඳපොළ ආශ්‍රිත සේවකයින්ට මෙලෙස කොවිඩ් අසාදිතව ඇත. පසුගිය දින 4 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ වෙළෙඳසැල් ආශ්‍රිතව වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන ඇති බව අප කල විමසුමට පිළිතුරු දෙමින් නගරාධිපතිවරයා පැවසුවේය.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ සටහනවුයේ 976ක් ලෙසිනි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 971 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වන අතර 4 දෙනෙකු බන්ධනාගාර පොකුරෙනි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ, බන්ධනාගාර කොවිඩ් පොකුර 67, 200ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 71,211 කි. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5788 ක් ද මෙරට කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලබා ඇති සංඛ්‍යාව 65,053ක් බවට පත්ව ඇත.

මේ අතර තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් ඊයේ පස්වරුවේ මෙරටින් වාර්තා වීමත් සමග මේ දක්වා වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.