සමාජ මාධ්‍ය හරහා Duty-free මත්පැන් විකිණු අයෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපළ තීරුබදු රහිත වෙළඳ සැල්හි ඇති විදේශීය මත්පැන් සමාජ ජාල මාධ්‍ය හරහා අලෙවි කළ
පුද්ගලයෙකු විදේශීය මත්පැන් බෝතල් 40 ක් සමග අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී ඇත.
ගුවන් තොටුපළෙන් හොර රහසේම විදේශීය මත්පැන් ගෙන්වා ගෙන සමාජමාධ්‍ය ජාලාවන් හරහා ගැණුම් කරුවන්ට විකුණන බවට ලද තොරතුරක් මත විදේශිය මත්පැන් ලීටර් එකේ බෝතල් තොගයක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන විදේශීය මත්පැන් බෝතල් හේතුවෙන් මේ නිසා දෛනිකව රජයට විශාල බදු මුදලක් අහිමි වෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.