අපරාධ විමර්ශන කටයුතු මාස 3කින් අවසන් කළ යුතුයි

බරපතළ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ අපරාධ විමර්ශන කටයුතු මාස 3 ක කාලයක් ඇතුළත අවසන් කළ යුතු බවට ලිපියක් යොමු කරමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා මේ සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දැනුවත් කර ඇත.

මෙහිදී නීතිපතිවරයා පෙන්වාදී ඇත්තේ විවිධ පොලිස් ස්ථානවලින් සහ විවිධ පොලිස් ඒකකවලින් රටේ අපරාධ පිළිබඳව සිදුකරනු ලබන අපරාධ විමර්ශනයන් බොහොමයක් නොයෙකුත් හේතු කාරණා මත ප්‍රමාද වීම සහ කාර්යක්ෂමව කඩිනමින් අවසන් කිරීමට නොහැකි වීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවය.

අපරාධ විමර්ශනයන් නිසි කලට කාර්යක්ෂමව සිදුකිරීමට නොහැකි වීම මෙරට යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමට හේතු වී ඇති බව ද නීතිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.