අදහස් පළ කිරීමට තහනම් නැති බව විමල් කියයි

දේශපාලන පක්ෂ සාමාජිකයින්ට වෙනත් පක්ෂ පිළිබඳ අදහස් පළ කිරීම සඳහා නිදහස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු තහනමක් පනවා නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සතිඅන්ත පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳව එල්ලවන චෝදනාවලට සම්බන්දයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා නායකත්ව තනතුරේ සිටින අතර තුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද නායකත්ව තනතුරක සිටියේ නම් මේ රටේ දේශපාලන බලවේග සමග තිබෙන සහසම්බන්ධය වැඩිවිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික පුවත්පතකට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාවගෙන ඉල්ලා අස්කර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ දැඩි ව විවේචනය කළ අතර එහිදී එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටියේ පොදුජන පක්ෂය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කිසිදු අයිතියක් නැති බවත් ඔහු කළ ප්‍රකාශයට ජනතාවගෙන් සමාව ඉල්ලා වහා ඉල්ලා අස්කර ගත යුතු බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.