මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබේ.
දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්යක්ෂවරුන් ඇතුළු පිරිසක් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවිය.
ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතා,
“සිනමාකරුවෝ හැටියට අපි අගමැති තුමාට වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා කාලයකට පෙර. එහි ප්‍රතිඵලයක් හැටියට අජිත් නිවාඩ් කබ්රාල් ඇමති තුමා අපිව අද කැඳවලා ඇහුවා අපේ ප්රශ්නය සහ ඒ තියෙන තත්ත්වය ගැන. අපි පැහැදිලි කිරීමක් කළා. සිනමාව දැනට වැටිලා තියෙන තත්ත්වය මොකද්ද අපේ ගැටලු මොනවා ද යන්න පිළිබඳව. අපි බලාපොරොත්තු වන සහන මොනවා ද කියලා. විශේෂයෙන් ම ඉලක්ක කරේ කර්මාන්ත හා ව්‍යාපාර නඟා සිටුවීමට රජය ඉදිරිපත් කරන සියයට 4 ණය සහන ක්‍රමය සිනමාවටත් දෙන්න කියලා. ඔවුන්ගේ ප්‍රතිචාර අනුව අපිට සතුටු වෙන්න පුළුවන්. එය ඉටු කරන වගට මේ අවස්ථාවේ දී පොරොන්දු වෙලා තියෙනවා.“