මාධ්‍ය වාරණයක් සිදුනොවන බව කෙහෙළිය කියයි

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය නියාමනය කිරීම හා වාරණය කිරීම සදහා රජයේ කිසිදු අදහසක් නොවන බවත් එලෙස පළ වන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොවන බවත්ය.

ප්‍රවෘත්ති ප්‍රකාශන හරහා පක්ෂග්‍රාහී වාර්තාකරණය සහ අසාධාරණ ලෙස සැලකීම පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වනවා මිස ප්‍රතිපත්තියෙන් පිට කිසිම දෙයක් ක්‍රියාත්මක නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කොළඹ ලංකා බැංකු ගොඩනැඟිල්ල සහ සුදර්ශි ශාලාව වෙනත් රටකට ලබා ගැනිම සඳහා ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් රජයේ මතය කුමක් ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.

එමෙන්ම, අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය; “ඉල්ලීම් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබේ. නමුත්, ඉල්ලීමට අදාළව දෙනවද නැද්ද යන්න රජය සතු තීරණයක්” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.