ආණ්ඩුව සත්‍ය වසන් නොකරන බව කියයි

කොවිඩ් තොරතුරු ජනතාවට ලබා දීමේදී කිසිදු අයුරකින් තොරතුරු වසන් කිරීමක් සිදු නොකර බව රාජ්‍ය පවසයි. ඒ අනුව කොරෝනාවෙන් මිය යන හෝ ආසාදිතවන්නන් පිලිබද නිවැරදි තොරතුරු රජය සෑම විටම ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

මේවන විට රෝගියාගේ තත්වය මත දින 10ක් ඇතුලතදී කොවිඩ් රෝගීන් නැවත නිවාස වලට යවන බවත් එලෙස නිරෝධායනයට ප්‍රතිකාර ගැනීමට ඇතුල් වීමේදී තවත් කණ්ඩායමක් ප්‍රතිකාර අවසන්ව පිටව යන බව අද පාර්ලිමේන්තුවේදී සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය පැවසුවාය.

කොවිඩ් තොරතුරු ජනගත කිරීමේදී ආණ්ඩුව ඒවා සඟවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.