අපේ මිනිස්සුන්ගේ ජාන ශක්තිය නිසා මෙහෙම ඉන්නවා – තිස්ස

අශන්ති වරුනසුරිය

කොවිඩ් අසදිතයන්ගේ ගණන ඉහළ යමින් තිබෙන බවත් රාජ්‍ය මෙය පාලනය කර ගැනීමට අසමත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනයාක මහතා පවසයි.

මෙතක් කාලයක් වත් මෙලෙස කොරෝනා වසංගතයට ජනතාව ඔරොත්තු දී සිටින්නේ එදා සිට සිංහලයාගේ ඇගේ ඇති ජාන ශක්තිය නිසා බවද මන්ත්‍රීවරයා පවසයි.

යුක්රේනයෙන් වගේම විදේශයන්හි සංචාරකයන් ගෙන්වීම කොවිඩ් පැතිරීමට විශේෂම හේතුව බවද තිස්ස අත්තනායක මහතා අප කල විමසුමට පිළිතුරු දෙමින් පෙන්වා දුන්නේය.

“රටේ වාසනාවකට සෞක්‍ය අංශ ගන්නාවූ ක්‍රියාමාර්ග සහ අපේ මිනිස්සුන්ට මේකට ඔරොත්තු දීමට ඇති ශක්තිය නිසාම මෙහෙම රට පැවතෙනවා. ඒ මිසක් ආණ්ඩුව කල දෙයක් නම් නැහැ. ආණ්ඩුව ෆේල්ම තමයි” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයන් 887 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ දවසේදී කොවිඩ් මරණ 9ක් සිදුවී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.