ඉම්රාන් ඛාන් ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ශ්‍රී ලංකා සංචාරයේදී පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් උපුටා දක්වමින් හින්දු පුවත්පත කියා සිටියේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායකයින්ට පවසා ඇත්තේ ඛාන් සිය ශ්‍රී ලංකා සංචාරයේදී පාර්ලිමේන්තුවට විශේෂ දේශනයක් පවත්වන බවය.

කොවිඩ් 19 වසංගතයෙන් පසු මෙරට සංචාරය කළ පළමු රාජ්‍ය නායකයා වන මොහු පෙබරවාරි 22 සිට දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මෙම සංචාරයේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඔහුගේ සංචාරය සිදුවන්නේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විවේචනයට ලක්ව ඇති හෙයිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.