සතියක කාලය තුළ රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පවසයි. දෛනිකව පුද්ගලයින් 6, 7 ක් පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වන අතර, පුද්ගලයින් 38 දෙනෙකු පමණ තුවාල ලබන බව වාර්තා වේ.
රිය අනතුරු වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ගම්පහ, මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි
ඒ අනුව පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ මෙරට සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 45ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම කාලය තුළ සිදුව ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 403ක් වන අතර එම අනතුරුවලින් පුද්ගලයින් 266 දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.