ඉන්දික ශ්‍රී අරවින්ද
වන සංහාරය වලක්වා ගැනීමට නෛතික පියවර නොගැනීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් සහ වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට සහ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට අද (08) දින තම නීතිඥයින් මාර්ගයෙන් එන්තරවාසියක් ද යවා තිබේ.
දැනට මහා පරිමාණයෙන් රට පුරා සිදු කෙරෙන වනාන්තර හා වන ජීවි පද්ධති විනාශවීමේ ක්‍රියාවලිය ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයට එළඹීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සුදානම් වෙයි.
ඒ අනුව රටේ සම්මත නීතියට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා වන සංරක්ෂක අධ්යක්ෂ ජනරාල් සහ වනජීවී අධ්යක්ෂ ජනරාල් මෙන්ම අදාළ ප්‍රාදේශීය කාර්ය මණ්ඩලය වගඋත්තකරුවන් වශයෙන් නම් කරමින් ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කටයුතු කරමින් පවතී.