මහේලයි සංගයි නාමල්ට පක්ෂයි – හරීන්

ඊශ්වරන් රත්නම්

මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයාගේ පියා රටේ අගමැති වීම සහ බාප්පා රටේ ජනාධිපති වීමත් හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතාට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සහාය දක්වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඩේලි මිර ඔන් ෆයර් විශේෂාන්ගයට එකතු වෙමින් ඔහු කියා සිටියේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන දෙදෙනාම තමා ක්‍රීඩා ඇමතිව සිටියදී ඊට සම්බන්ධ වීමට ආරාධනා කලත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට සහාය දීමට තීරණය කිරීමත් සමඟ තමා වික්ෂිප්ත වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

කෙසේ වෙතත්, සංගක්කාර සහ ජයවර්ධන යන දෙදෙනාම දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ වී සිටීම හේතුවෙන් ඔවුන්ට සුබ පතන බවත්, තමන් ක්‍රීඩා ඇමතිව සිටියදී ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇතිව තමන්ගේ නිවසේ ඔවුන්ව මුණ ගැසුන බව පැවසූ හිටපු අමාත්‍යවරයා එහිදී ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බව පැවසුවේය.

කෙසේ වෙතත්, තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගැන සතුටු වන බවත් මහේල සහ සංගක්කාර එය කරන්නේ දැඩි ආශාවකින් මිස පීඩනය නිසා නොවන බවත් විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.