වැඩකරන ජනතාවට කොවිඩ් එන්නත් මාර්තු සිට

මාර්තු පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට රජය අපේක්ෂා කරයි.

ඒ සදහා මධ්‍යස්ථාන 4000ක් ඒ සඳහා සැලසුම්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. එම මධ්‍යස්ථානවලින් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට එක් මධ්‍යස්ථානයකින් 300කට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වේ.

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ වයස්ගතම මරණය ඊයේ (07) වාර්තා විය. ගාල්ල කිරිමංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 103 ක් වන වයෝවෘද්ධ කාන්තාවක් ඉකුත් 06 වැනිදා සිය නිවසේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි. වයස අවුරුදු 103 ක් වූ එම කාන්තාවගේ මරණය කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ වයස්ගතම ආසාදිත මරණය බවට වාර්තා වේ.

අනතුරුව ඇයගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ඒමෙන් අනතුරුව පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණි. ඒ අනුව ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දඩල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදුකෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.