බස් වර්ජනය සතියකට නවතී

සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් එම සංගමය වර්ජනයකට යෑමට සුදානමින් සිටි අතර, අද පැවති සාකච්ඡාවේ දී ලීසිං සම්බන්ධයෙන් බස්රථ හිමියන්ට පවතින ගැටලුවට රාජ්‍ය අමාත්‍යාවරයා විසින් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වු බව එම සංගමය පවසයි.

ඒ අනුව ඉල්ලීම් නොලැබුනොත් ලබන අඟහරුවාදා අනිවාර්යයෙන්ම බස් ධාවනයෙන් ඉවත් වන බවත් පළාත්සභාවල ගැටලු නිරාකරණය නොකලොත් පළාත්සභා අහෝසි කරන තුරු අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි. ඒ අනුව ඔවුන් පවසන්නේ මාස 6කට බස්වල බ්ලොග් බලපත්‍රය නිදහස් කල යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.