පාසල් ළමුන්ගේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම්

පාසල් දරුවන්ගේ ආරක්ෂාව මුල් කර ගනිමින් විශේෂ මෙහෙයුමක් අද සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 69,348 දෙනෙකු වාර්තා වුවද ඉන් 63,401 දෙනෙකුම දැනටමත් සුවය ලබා ඇත. ඊයේ දිනයේදීද මෙරටින් කොරෝනා ආසාදිතයින් 772 නෙකු අලුතින් හදුනාගෙන ඇත.

මේ අතර අද උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර ඇත. බොරැල්ල පොලිස් වසමේ, ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත හා වේළුවන පාර යන ප්‍රදේශ ද ඊට අයත්ය.

මීට අමතරව මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්ම මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලත් පාර සහ අකරගොඩ යන ප්‍රදේශවලද අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලන දකුණ හා පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා තත්ත්වයද ඉවත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.