ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ අද සිදුවූ ග්ලැසියර් අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 125 දෙනෙකු පමණ අතුරුදන් ව තිබේ.
ඉන්දීය ආපදාකළමණාකරණ අංශ සැක පලකරන්නේ අතුරුදන්ව සිටින පිරිසද මියගොස් ඇති බවටය.
ග්ලැසියරයක් පුපුරායාමත් සමග ආලක්නන්දා හා ධව්ලිගංගා යන ගංගා පිටාර යමින් ඇතිවූ හදිසි ජල ගැලීම් හේතුවෙන් මෙම අනතුර සිදු විය.
ජලගැලීම් හේතුවෙන් ගම්මාන රැසක ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
අනතුරෙන් නිවාස රැසක් හා ඒ ආශ්රිත විදුලි බලාගාර දෙකක් ද විනාශ වී තිබේ.
අතුරුදන්වූවන් අදාල බලාගාර වල සේවයේ නිරතව සිටි පිරිස බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.
අනතුරට ලක්වූවන් සොයා ආපදා කළමණාකරණ අංශ හා ආරක්ෂක අංශ අඛණ්ඩ මෙහෙයුම් වල නිරතව සිටිති