විදුලි බල පහසුකම් නොමැති සෑම අඩු ආදායම්ලාභී පවුලකටම විදුලි සබදතාව නොමිලේ ලබාදෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ සදහා මේවන විට මුදල් වෙන්කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කරයි.
“සමස්තයටම නවමු විසදුම් සොයා ගෙන විදුලිය ස්ථාවරය පවත්වන්න කියලා තියෙනවා. විදුලිය මේ දක්වා නොමැති අතිශය දුප්පත් පවුල් වලට ජනාධිපතිවරයා ගේ උපදෙස් මත විදුලිය නොමිලේ ලබා දීමට රජයේ වගකීමක් ලෙස සිදු කරනවා” යනුවෙන් අමාත්‍යවරයා මේ ගැන අදහස් දක්වමින් පැවසුවේය.