පිට පළාත්වල කොවිඩ් වැඩි වන ලකුණු

බස්නාහිර පළාතෙන් පිටත දිස්ත්‍රික්කවල කොවිඩ් -19 වෛරස ආසාදිතයින් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ බස්නාහිරින් 50%කට වඩා අඩු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවත් සියයට 60% මට්ටමට රෝගීන් වාර්තා වන්නේ වෙනත් පළාත්වලින් බවත්ය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන්, එකතැනක අවදානම අඩුවෙනකොට තව තැනකින් ඒ කියන්නේ, දෙගුණ තෙගුණයක් වගේ අවදානමක් මතුවෙන ස්භාවයක් පවතින බැවින් සමස්තයක් ලෙස කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ඒ අවදානම දවසින් දවස වැඩිවන බව ඔහු පවසයි.

එහිදී සැකසහිත රෝගීන් රඳවා තබාගන්නා ස්ථාන පිළිබඳව මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.