ඉන්දික ශ්‍රී අරවින්ද
උතුරු ප්‍රදේශයේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබා දී තිබේ.
මෙහිදී ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමක ලබා දී ඇතැයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ.
පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.
කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියට චීන සමාගම හවුල් වී ඇත්තේ නිසි පරිදි සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටතේ ටෙන්ඩර් කැඳවීමකින් පසුව බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ.
මෙම ව්‍යාපෘති ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත සිදු කෙරෙන ව්‍යාපෘති වන අතර ඒවායේ දේශීය සහකරු වන්නේ ලංකා විදුලි බල මණ්ඩලයයි.
චීන සමාගම වන්නේ Etechwin නමැති සමාගමක් වන අතර ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලයන 12 කි.
එහෙත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් විරෝධය පළ කර ඇති බව ද වාර්තා වෙයි.